කාශ්මීරයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 20 දෙනෙකු මරුට

කාශ්මීරයේ ෂොපියන් ප්‍රදේශයේදී සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමකින් 20 දෙනෙකු මියගොස් 70 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අතර සිවිල් වැසියන් හතරදෙනෙකුද වන බව වාර්තා වෙයි.

ඊයේ (01) දිනයේදී මෙම ගැටුම සිදුව ඇත.

ගැටුමෙන් මියගිය පිරිසට සටන්කාමීන් 13 දෙනෙකු ද ඇතුළත් වෙයි.

Exit mobile version