Home දේශීය පුවත් බජට් එකේ සහන අනිවාර්යයි – මහාචාර්ය වසන්ත අතුකෝරල කියයි

බජට් එකේ සහන අනිවාර්යයි – මහාචාර්ය වසන්ත අතුකෝරල කියයි

0
බජට් එකේ සහන අනිවාර්යයි – මහාචාර්ය වසන්ත අතුකෝරල කියයි

දෙදහස් විසිතුන වසර සඳහා වන අයවැය ලබන දාහතර වනදා පස්වරු එකයි තිහට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

අයවැය දෙවන වර කියවීමේ විවාදය ලබන පහළොස් වනදා සිට විසි දෙවනදා දක්වා පැවැත්වෙනු ඇති. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන විසි දෙවෙනිදා පැවැත්වීමට නියමිතයි.

ලබන විසිතුන් වනදා සිට දෙසැම්බර් අට වනදා දක්වා අයවැය තුන්වනවර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති. ඉන් අනතුරුව ඡන්ද විමසීම දෙසැම්බර් අට වනදා පැවැත්වීමට නියමිතයි.

දෙදහස් විසිතුන වසර සඳහා වන අය වැය යෝජනාවෙන් ජනතාවට සහන ලබා දීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version