බස් රථ අනතුරකින් ඇඟළුම් සේවිකාවෝ 36ක් රෝහලේ

ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක ගැටී සිදු වු අනතුරකින් 37 දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

අද (03) අලුයම හලාවත – පුත්තලම මාර්ගයේ දී මෙම අනතුර සිදුවී ඇත.

බිංගිරිය – විලත්තව ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන් පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා ඇත.

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති අය අතර කාන්තාවන් 36 දෙනෙකු සහ බස් රථයේ රියදුරු ද වේ.

Exit mobile version