යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙකුට මරු කැඳවු ගල්ගමුවේ මාරක අනතුර

ගල්ගමුව ඉහළගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඊයේ රාත්‍රී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් අනුරාධපුර සහ ගල්ගමුව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් පස්දෙනෙකු මෝටර් රථයේ ගමන් කර තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ සාලියපුර යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා මේජර්වරයෙකු සහ නොච්චිය වන්නිකුඩාවැව ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

Exit mobile version