උහන ගෝනගල ප්‍රදේශයේ නිවසක ගින්නක්

උහන ගෝනගල ප්‍රදේශයේ නිවසක් අද (03) දහවල් 11 ට පමණ ඇතිවූ ගින්නකින් සම්පුර්ණයෙන් විනාශ වී තිබෙන බව වාර්තා වෙයි.

එම අවස්ථාවේ නිවසෙහි කිසිවෙකු නොසිටි අතර නිවසේ තිබු විදුලි උපකරණ මෙන්ම ළමුන්ගේ පාසල් පොත් ඇතුලු සියලු දෑ විනාශවී ඇති බවයි සඳහන් වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

 

Exit mobile version