Home විදෙස් පුවත් යු – ටියුබ් මුලස්ථානයේ වෙඩි තැබීමක්

යු – ටියුබ් මුලස්ථානයේ වෙඩි තැබීමක්

0
යු – ටියුබ් මුලස්ථානයේ වෙඩි තැබීමක්

අමෙරිකාවේ, කැලිෆෝනියා හි පිහිටි යු – ටියුබ් මුලස්ථානයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද උදැසන සිදුවූ මෙම සිදුවීමෙන් තුවක්කුකරු බවට සැකකෙරෙන කාන්තාව මිය ගොස් ඇති බවත් තවත් පුද්ගලයින් සිවුදෙනෙකු තුවාල ලබා ඇති බව සැන් බෘනෝ පොලිසිය සඳහන් කර තිබේ.

අමෙරිකාවේ ගුගල් සමාගම විසින් හිමිකාරිත්වය දරන යු – ටියුබ් ප්‍රධාන කාර්යාලයේ මෙම වෙඩි තැබීමේ සිදුවීම වන අවස්ථාවේ සේවකයින් 3000 කට වැඩි පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීමේ සිදුවීමත් සමග යු – ටියුබ් ආයතයේ සේවකයින් අසල පිහිටි ගොඩනැගිලි කරා දිවගොස් සැගවී තිබෙන අතර තවත් තුවක්කරුවන් ඇත්ද යන්න පිලිබදව සොයා ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version