විශ්වාසභංගයෙන් සුවිශේෂි ජයග්‍රහණයක් ලබාගත හැක – අගමැති සමගින් ස්ථාවර ආණ්ඩුවක්

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (04) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේ,
විශ්වාසභංගයෙන් සුවිශේෂි ජයග්‍රහණයක් ලබාගත හැකිව තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා සමගින් ස්ථාවර ආණ්ඩුවක් පවතින බව හෙට වන විට බලාගත හැකි බවයි.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් එජාප මන්ත්‍රීවරුන් සඳහා ලබන 7 සහ 08 යන දෙදින පක්ෂ ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් දැනුම් දී ඇතැයි ද ඉන් අනතුරුව පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු සිදු කළ හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
10දාට පෙර පක්ෂයේ සියලු ප්‍රතිසංවිධාන කටයුතු සිදු කර අවසන් කරන බවත් ඉන් අනතුරුව පක්ෂයට නව ජවයකින් ඉදිරියට ගමන් කළ හැකි බවත් පෙන්වා දුන්නේය.
Exit mobile version