මේ වසරේදි සිංහරාජ විශේෂ ඒකාබද්ධ ග්‍රාමිය සංවර්ධන වැඩසටහනක්

2018 වසරේදි ගාල්ල දිස්ත්‍රික්කය තු‍ළ සිංහරාජ විශේෂ ඒකාබද්ධ ග්‍රාමිය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මකය.

සිංහරාජ රක්ෂිත ප්‍රදේශයන්ට සමගාමිව පිහිටා ඇති ග්‍රාමිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම මෙහි මුලිකම අරමුණයි. බොහෝ දෙනෙකුගේ ඇස නොගැටෙන, විවිධ දුෂ්කරතාවයන්ගෙන් යුත් අවම පහසුකම් මේ යටතේ වැඩි අවධානයට ලක්වේ.

ජාතික ප්‍ර‍තිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් මෙම වැඩපිළිවෙලට අවශ්‍ය ප්‍ර‍තිපාදන සපයයි. තවලම, නියාගම, නෙළුව, සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මුලික කරගෙන මෙවැනි ව්‍යාපෘති 06ක් සදහා මුල්‍ය ප්‍ර‍තිපාදන මේ වන විට වෙන්ව ඇත.

Exit mobile version