විශ්වාසභංගය ජයග්‍රහණය කළ අගමැති ගංගාරාම විහාරස්ථානයෙන් අාශීර්වාද ලබා ගනීයි

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා ඊයේ (04දා) රාත්‍රියේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ අාශීර්වාද ලබා ගනීයි.

මෙම අවස්ථාවට කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version