තිස්ස අත්තනායකට විදේශ ගතවීමට අවසර ලබා දෙයි

මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමේ චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට විදේශ ගතවීමට අද (05) අවසර ලබා දුන්නේය.

එ් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චිගේ නියෝගයකට අනුවයි.

ලබන 10 වැනිදා සිට 25 වැනිදා දක්වා දින 15ක කාලයක් තිස්ස අත්තනායක මහතාට ඔස්ටේ‍්‍රලියාවට යෑමට අවසර දුන් විනිසුරුවරයා අධිකරණය බාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය ඔහු වෙත මුදාහැරීමටද නියම කළේය.

අදාළ නඩුවට අදාළව තිස්ස අත්තනායකට ඇප නියම කරන අවස්ථාවේදී අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් නියෝගයක් පනවා තිබුණි.

Exit mobile version