”සියනෙතුගම” උදාගම්මානය ජනතා අයිතියට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, රන්මිණිතැන්න, ”සියනෙතුගම” උදාගම්මානය අද (6) පෙ.ව. 9.30 ජනතා අයිතියට පත් කෙරේ.

ඒ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

අක්කර 2කින් යුක්ත, නව නිවාස 29කින් සමන්විත සියනෙතුගම ගම්මානය වසර 2017 ඔක්තෝම්බර් මස ඉදිකිරීම් ආරම්භ කළේ ය.

ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 24.5කි.

Exit mobile version