පෑලියගොඩ වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

අද (17) උදෑසන පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේ නිවසක් තුළ දී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද උදෑසන 06.30ට පමණ වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.

Exit mobile version