මලයාසියානු පාර්ලිමේන්තුව හෙට විසුරුවා හරියි

මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අද (06) ප්‍රකාශ කළේ, මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මලයාසියානු පාර්ලිමේන්තුව හෙට (07) විසුරුවා හරින බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එතැන් සිට දින 60 ක් ඇතුළත මහ මැතිවරණය පවත්වන බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට මලයාසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්ගේ දේශපාලන පක්ෂය තාවකාලිකව විසුරුවා හැර තිබෙන බවද වාර්තා වේ.

ඒ එම පක්ෂය ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛණ සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙනි.

Exit mobile version