වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට උදැසන 09.00 ට පමණ බඹර ප්‍රහාරය එල්ල වි ඇත.

වතු කම්කරු කාන්තාවන් දස දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර තිබේ.

තේ පඳුරක් මත බැද තිබු විශාල බඹර කුඩුවක් තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගී බඹරුන් ඇවිස්සි මෙම ප්‍රහාරය එල්ල වි ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version