2018 ගාලු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය අද සිට

ගාලු ව්‍යවසාය 2018 අලෙවි ප්‍රදර්ශනය අද (09) දින උදැසන ආරම්භ විය.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අලෙවිපොළ අප්‍රේල් මස 09, 10, 11 යන දිනයන් හිදි ගාල්ල මහනගර සභා පරිශ්‍රයේ පැවත්වේ.

ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මෙහෙය විමෙන් මෙම අලෙවිපොළ සහ ප්‍රදර්ශනය ආරම්භ කළ අතර ව්‍යවසායකයින් 75 ක ආසන්න පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version