දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වෙයි

ශ්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්ව තිබේ.

ඒ ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් තරගාවලියේදී ගාලු කණ්ඩායම සමඟ පැවැති තරගයේදී ඔහු මෙසේ අාබාධයකට ලක්ව ඇත.

ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්හි සිදු කිරීමට නියමිත ටෙස්ට් සංචාරයේදී පළමු තරගය ඔහුට අහිමිවීමට වැඩි ඉඩක් තිබෙන බව වාර්තා වෙයි.

Exit mobile version