ජපානයේ සකුරා වසන්තය

සකුරා කියන්නේ ජපානයේ අනන්‍යතාව සහ සුන්දරත්වය ලොවට කියාපාන්නක්.

සකුරා මලේ පහස විඳගන්න දැන් ලෝක වාසීන්ට හැකියාව ලැබෙනවා. ඊයේ දිනයෙන් ආරම්භ වූ ජපානයේ සකුරා වසන්තය
අප්‍රේල් මැද දක්වා පවතිනවා.

හිම වැටුණු සීත කාලය අවසන් කරමින් වසන්ත සමයේ සුභ ලකුණ ජපානයට රැගෙන එන්නේ සකුරා මලයි.

ජපානයේ සුන්දරම කාලය සකුරා පිපෙන වසන්ත කාලයයි. ජපානයේ කඳු සහ තැනිතලා ප්‍රදේශවල මේ සකුරා ගස් දක්නට ලැබෙනවා.

ජපානයේ ප් රධාන සකුරා ප්‍රභේද කිහිපයක් තිබෙනවා.

යමක් සකුරා වර්ගයේ තද රෝස පැහැයෙන් යුක්ත වන අතර එය පොකුරු සකුරා වර්ගයක් වනවා.

ඊට අමතරව ජපානයේ තවත් සකුරා වර්ග හයසීයකට අධික ප්‍රමාණයක් තිබෙන බව වාර්තා වනවා.

ජපානය තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සෙමෙන් ශිනොත් යන සකුරා වර්ගයයි.

Exit mobile version