එක්දින සංකේත වැඩ වර්ජනය අද උදෑසනින් අවසන්

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති ආරම්භ කළ එක්දින සංකේත වැඩ වර්ජනය අද උදෑසන අවසන් වුණා.

එළඹෙන 20 වනදායින් පසු රජය මීට විසදුම් ලබා දෙනු ඇතැයි තමුන් විශ්වාස කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ.

එසේ නොවුනහොත් දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි එම සංගමය අවධාරණය කළේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ වර්ජනවලට සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දීමට නම් සෞඛ්‍ය අංශ පෞද්ගලීකරණයට රජය වැඩි අවධානයක් යුමු කළ යුතු බවයි.

Exit mobile version