සිරියාවේ රසායනික අවි ප්‍රහාරයන්ගෙන් දරුවන්ගේ සම නිල්පැහැ වෙයි

සිරියාවේ ඩුමා නගරයට බෂර් අල් අසද්ගේ කුරිරු හමුදා විසින් එල්ල කරනු ලැබූ රසායනික අවි ප්‍රහාරයන්ගෙන් 70 කට වඩා අධික ප්‍රමාණයක් කුඩා – ළමුන් ඇතුළු මහලු වයස්‌ පුද්ගලයින්ගේ සම නිල්පැහැයට හැරෙමින් පවතින බවට වාර්තා වෙයි.
මෙම රසායනික ගෑස් අවි ප්‍රහාරය හේතුවෙන් කාන්තාවන් හා ළමුන් ස්වසන අපහසුතාවලින්ද පෙළෙන බව වාර්තා වේ.
සිරියාවේ ඩුමා නගරයට එල්ල වූ විෂ වායු ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප්, සිරියා ජනාධිපතිවරයාට සහ රජයට චෝදනා එල්ල කර තිබේ.
ට්‍රම්ප් මේ හේතුවෙන් සිරියානු ජනාධිපතිවරයා සමාන කර ඇත්තේ ‘තිරිසන් සතෙක්‘ ලෙසය.
බොහෝ රටවල නායකයින් මෙම ප්‍රහාරය හදුන්වා දී ඇත්තේ “ජාත්‍යන්තර මානුෂීය නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්‘‘ ලෙසය.
Exit mobile version