උතුරු ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක්

උතුරු ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපකයේ 6.5ක භූකම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ හින්දු කුෂ් කඳුවැටිය ආශ්‍රිතව එම භූකම්පනය හටගෙන ඇති බවය.

එම කම්පනය පාකිස්තානයේ උතුරු ප්‍රදේශයටද දැනී ඇති අතර නිවසක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර භූකම්පනයෙන් තවත් 300ක් පමණ දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

Exit mobile version