පළමු බිත්තර තොගය දිවයිනට

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය දිවයිනට ළඟා වී තිබෙනවා.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ටී.ඒ.ඩී රංජිත් සඳහන් කළේ අදාළ බිත්තර තොගය අද අළුයම දිවයිනට ළඟාවූ බවය.

දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිතව තිබේ.

Exit mobile version