දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ගේන්න හදන ජනපති රනිල්

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ (23) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

Exit mobile version