2023 පළමු වාරය අද ආරම්භ වෙයි

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද (27) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

අනතුරුව අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව ලබාදීමට නියමිතව තිබෙනවා.

Exit mobile version