අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්

එක්සත් ජනපදයේ ටෙනසිහි නැෂ්විල් හි ප්‍රාථමික පාසලක කාන්තාවක් සිදුකළ වෙඩි තැබීමකින් ළමුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ නව හැවිරිදි ළමුන් තිදෙනා රෝහලට ගෙන එන විට මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

නැෂ්විල් හි පදිංචි 28 හැවිරිදි සැකකාරියක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

Exit mobile version