ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති සහ සෞඛ්‍ය ඇමති අතර හමුවක්

ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් (Shixin Chen) ඇතුළු නිලධාරීන් පිරිසක් සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු මෙරට නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් පසුගිය දිනවල දී පිලිපීනයේ මැනිලා අගනුවර ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදී දැනට ආසියානු සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වලට අමතරව ඉදිරි වසර කිහිපය සඳහා මෙරට ප්‍රාථමික සත්කාර අංශය දියුණු කිරීමට සහ අනෙකුත් සෞඛ්‍ය අංශයන්හි අවශ්‍යතාවය සඳහා ආධාර ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්විණි.

දීර්ඝ ලෙස පැවති එම සාකච්ඡා වලින් පසු මෙරට නියෝජිතයින්ගේ එම ඉල්ලීමට ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිතුමන් ඇතුළු අනෙකුත් නිලධාරීන් ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණු අතර ඔවුන් විසින් මෙරට සෞඛ්‍ය පද්ධතිය නගාසිටුවීම සඳහා හැකි ඉහළ සහයෝගයන් ලබා දීමට කටයුතු කරන මෙහිදී ප්‍රකාශ කර සිටියහ.

Exit mobile version