මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාගේ අවසන් කටයුතු හෙට

මේ අතර ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගන්‍ය සංගීතඥයෙකු ලෙස රසික හදවත් සංස්පර්ශ කළ සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි නම්, අසහාය සංගීතවේදියා පසුගියදා සිය ජීවන චාරිකාව නිමා කළා.

මේ වන විට දේහය තැන්පත් කර ඇත්තේ නුගේගොඩ ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ.

හෙට පෙරවරුවේ එම දේහය ඔහු කුලපති ධුරය හොබවමින් සිටි සෞන්දර්ය කලා විශ්ව ව්ද්‍යාලය වෙත රැගෙන යාමට නියමිතයි.

ඉන් අනතුරුව ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය වෙත ඔහුගේ දේහය රැගෙන යන අතර හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Exit mobile version