තරුණයින් දෙදෙනෙක් දුම්රියේ ගැටී මරුට

වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිටියදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

මෙම තරුණයින් දෙදෙනා දුරකථනය භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් විනෝද චාරිකාවක් සඳහා යෑමට වඳුරව දුම්රිය ස්ථානය කරා ගමන්කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබේ.

Exit mobile version