Home දේශීය පුවත් වී වගාකරන දින වකවානු සැලසුම් කිරීමට විශේෂ කමිටුවක්

වී වගාකරන දින වකවානු සැලසුම් කිරීමට විශේෂ කමිටුවක්

0

ඉදිරි කන්නයේ වර්ෂාව ලැබෙන බැවින් වී වගාකරන දින වකවානු නියමිත පරිදි සැලසුම් කිරීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂ කමිටුවක් ඊයේ (18දා) පත්කර තිබේ.

පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරුන්, ගොවිජන සේවා කොමසාරිස්වරයා, මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුහා විද්වතුන් දෙපළක් ඇතුළත් වන ලෙස පත්කර ඇති මෙම කමිටුව සතිපතා රැස්වී පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

ඒ අනුව වී වගාකරන දිනයන්, ජලය නිකුත් කරන දිනයන් සහ පොහොර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධව තීරණ ගැනීමට බලය පවරා තිබෙන එම කමිටුව ප්‍රථම වරට අද (19දා) දිනයේදී රැස්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version