ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බසයක් ස්විස්ටර්ලන්තයේ දී අනතුරකට ලක්වෙයි – 15කට තුවාල

ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බසයක් ඊයේ (18) ස්විස්ටර්ලන්තයේ අධීවේගී මාර්ගයකදී අනතුරකට ලක් වීමෙන් එහි ගමන් කළ ශ්‍රී ලාංකිකයින් 12 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ 40 දෙනකු ගමන් කර ඇති අතර සිද්ධියෙන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර ඉන් 12 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් බවයි වාර්තා වන්නේ.

සංචාරකයින් පිරිසක් රැගත් මෙම බසය අධිවේගී මාර්ගයේ යතුරුපැදියක ගමන් කරමින් සිටි කාන්තාවක් අනතුරින් බේරා ගැනීමට කළ උත්සාහයකදී ලොරි රථ දෙකක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

Exit mobile version