සුරක්ෂා සිසු රක්ෂණාවරණ ප්‍රතිලාභ පිළිකා, වකුගඩු රෝග සඳහා ද ලබාදීමට තීරණය කරයි

සුරක්ෂා සිසු රක්ෂණාවරණ ප්‍රතිලාභ පිළිකා සහ වකුගඩු රෝග සඳහා ද ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙරට රජයේ පාසල්වල මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන දරුවන් ලක්ෂ 45ක් පමණ මේ සුරක්ෂා රක්ෂණාවරණයෙන් ප්‍රතිලාභ ලබති.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කළ සුරක්ෂා රක්ෂණාවරණයෙන් මෙරට අධ්‍යපනය ලබන සිසුන් 11,000කට පමණ ප්‍රතිලාභ ගෙවා ඇති අතර ගෙවන ලද මුදල මිලියන 80ක් පමණ වේ.

මේ රක්ෂණාවරණය මගින් පිළිකා අවසාන අදියරේ වකුගඩු රෝග තත්ත්වයන්, දරුණු තත්ත්වයේ අවයව බද්ධ කිරීම්, අංශභාගය, අන්ධභාවය, තෙවන අදියර පිළිස්සුම් මෙන්ම පොතුකබර රෝගාබාදයන් ආවරණය වන අතර රුපියල් ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් පුද්ගලික රෝහලක ප්‍රථිකාර ගැනීම සඳහා වරකට ලක්ෂය බැගින්ද ගෙවීම් සිදු කරයි.

Exit mobile version