පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ දී ලෝකඩ පදක්කම් හිමිකරගත් යුද්ධ හමුදා ක්‍රීඩකයා යුද්ධ හමුදාධිපති හමුවෙයි

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බර ඉසීලිමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් හිමිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුණු 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවෙයි.

එහිදී ඔහුගේ බර ඉසිලීමේ කුසලතාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහාත් ඔහුගේ අවශ්‍යතාවයන් සපයාදීම සඳහා අනාගතයේ සහාය ලබාදෙන බවට යුද්ධ හමුදාධිපතිවරයා විසින් සහතික වී තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ දී (කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ) බර ඉසීලිමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගනීමින් රටට සහ යුද්ධ හමුදාවට අත්කරදුන් කීර්තිය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති සිය සුභපැතුම් එක්කළහ.

මෙහිදි යුද්ධ හමුදාධිපතිවරයා විසින්කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් හට එම ස්ථානයට ළඟාවීමට උනන්දු කරවූ ඔහුගේ පුහුණුකරු බනි ඓ එම්.ජි.එන් ප්‍රනාන්දු මහතා වෙත සිය ස්තුතිය පුද කළහ.

Exit mobile version