නව ආයෝජන රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන සමාගම් කිහිපයකට අයත් ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිඛෙන අතර, ඔවුන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.
පාකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයින් මෙම කණ්ඩායමට ඇතුළත්වන අතර සෞඛ්‍ය, නිවාස, සංචාරක සහ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ නව ආයෝජන සදහා තමන් සූදානම් බව ඔවුන් ජනාධිපතිතුමා වෙත දන්වා සිටියහ.
එමෙන්ම අධිවේගි මාර්ග ඉදිකිරීම් සහ ඛනිජ තෙල් කැණීම් ක්ෂේත්‍රවල නව ආයෝජන අවස්ථා පිළිබදව ද මෙහිදි අවධානය යොමු කෙරිණි.
හදවත් සැත්කම් සිදුකරන ලොව ඉහළ තාක්ෂණයෙන් යුත් නවීන රෝහලක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට සහ සංචාරක පුරවර දෙකක් සදහා මෙන්ම අඩු වියදම් සහිත නව නිවාස සංකීර්ණයක් වෙනුවෙන් ආයෝජනය කිරීමට ද මෙහිදී කැමැත්ත පළ කෙරිණි.
Exit mobile version