Home දේශීය පුවත් වත්තල යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

වත්තල යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

0
වත්තල යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට
අද (24) අලුයම වත්තල ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version