Home දේශීය පුවත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ කරුණු පැහැදිළි කරයි

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ කරුණු පැහැදිළි කරයි

0
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ කරුණු පැහැදිළි කරයි

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කතානායක මාධ්‍ය අංශය මඟින් කරුණු පැහැදිළි කිරීමක් සිදු කර තිබේ.

නිකුත් කර තිබෙන නිවේදනය,

“පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙම වසරේ රුපියල් මිලියන දහසක මුදලක් රජය මගින් වෙන් කර ඇති බවට පසුගිය දිනවල ඇතැම් මාධ්‍යයන්හි පල වු වාර්තාවන් අපගේ අවධානයට ලක්ව ඇත.‍

වසර 30ක් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය මෙරට පොදු ජනතාව සතු දේපලක් වන අතර, අනෙක් ඕනෑම ගොඩනැගිල්ලක් මෙන් කලින් කලට අළුත් වැඩියා කරමින් එය නඩත්තු කිරීම ද අත්‍යාවශ්‍ය වෙයි.

එහි ගෙවී ගිය දශක 03 ක කාලය තුල සිදු කල යුතුව තිබූ නමුත්, අතපසු වූ ප්‍රතිසංස්කරණ රැසක් ද මතුව තිබේ, කවර දේශපාලන ධාරාවන් යටතේ වුවද රටෙහි ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වන කේද්‍රස්ථානය වන පාර්ලිමේන්තුව නිරන්තරයෙන්ම ලොවපුරා රාජ්‍ය තාන්ත්‍රකයන් පැමිණෙන ස්ථානයක් ද වේ.

මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කාලානුරූපීව සිදු කිරීමේ අත්‍යාවශතාවය කිසිලෙසකවත් බැහැර කල නොහැක.

කෙසේ වෙතත්, අළුත්වැඩියා කටයුතු සදහා රජය විසින් මෙම වසරේ වෙන් කළ මුදල රුපියල් මිලියන 200 ක් පමණක් වන බැවින්, මිලියන දහසක මුදලක් වෙන්කර ඇතැයි යන්න මුළුමනින්ම සාවද්‍ය කරුණක් බව අවධාරණය කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version