ඉන්ධන මිල වැඩි කිරීමේ අදහසක් නැහැ – අමාත්‍ය අර්ජුන රණතුංග

ඉන්ධන මිල වැඩි කිරීමේ අදහසක් නැති බව ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (24) පැවැති කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී ප්‍රකාශ කළේය.
ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවත් මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කර ජනතාව පීඩනයට පත් කිරීමට අදහස් නොකරන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කරන බවද කලින් ප්‍රකාශ කර තිබුණද ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එවැනි මිල සූත්‍රයක් ඉදිරිපත් වූයේ නැත.
Exit mobile version