හොරණ කම්හලේ කළමනාකරු සහ රසායනාගාර පාලිකාව 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ්

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ පස් දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටි එහි කළමනාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලිකාව මෙම මස 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.

ඒ ඔවුන් අද (25) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉකුත් 19 වැනි දා සිදු මෙම හදිසි අනතුරින් 34 දෙනෙකු රෝගී වු අතර එක් පුද්ගලයකු හොරණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේවන විට ප්‍රතිකාර ලබයි.

Exit mobile version