Home දේශීය පුවත් ජනපතිගෙන් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නැංවීම පිළිබදව උපදෙස්

ජනපතිගෙන් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නැංවීම පිළිබදව උපදෙස්

0
ජනපතිගෙන් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නැංවීම පිළිබදව උපදෙස්

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡවක දී ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නැංවීම පිළිබදව උපදෙස් දුන්නේය.

මෙරට ඉදිරි විදුලිබල අවශ්‍යතාවය සපුරාලීම සඳහා 2018 වසරේ සිට 2037 දක්වා කාල පරාසය තුළ ඉදිකළ යුතු නව විදුලිබලාගාර ඇතුළත් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

අදාළ සැලැස්ම කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද ගැටලූ ඇත්නම් සාකච්ඡා කර පවතින බාධාවන් ඉවත් කර ගනිමින් මෙම කටයුතු කඩිනම් කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට අවධාරණය කළේ ය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ, මහජනතාවගේ ගැටලූවලදී ඔවුන් පීඩාවට පත්වීමට ඉඩ නොතබා මානුෂීය තීන්දු තීරණවලට එළැඹීම අත්‍යාවශ්‍ය බවයි.

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ඉල්ලමින් සහ වෙනත් වෘත්තීය ගැටලූ කිහිපයක් මුල් කරගනිමින් විදුලි ඉංජිනේරුවන් විසින් මෙම 08 වනදා ගැනීමට නියමිතව තිබූ වෘත්තිය කි‍්‍රයාමාර්ගයෙන් ඉවත්වන ලෙසට ද මෙහිදී ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ සෙසු ඉල්ලීම පිළිබඳව ද ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version