Home දේශීය පුවත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක

0
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (26) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සමහර ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු වේ.

බස්නාහිර, දකුණු සහ ගිනිකොණදිග වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version