වතු කම්කරුවන් දෙදෙනෙකුට අකුණු සැර වැදී රෝහලට

හැටන් හි දික්ඔය වනරාජ වත්ත, උඩ කොටස ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් දෙදෙනෙකුට ඊයේ (26) සවස 02.45ට පමණ අකුණු සැර වැදී දික්ඔය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය සදහන් කරයි.
මෙලෙස අකුණු සැර වැදී ඇත්තේ 42, 51 යන වයස්වල දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුට ය.
Exit mobile version