දිවයිනේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පසු වැසි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ මන්නාරම, අනුරාධපුරය සහ වවුනියා දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු වේ.

බස්නාහිර, වයඹ, දකුණු සහ ගිනිකොණ දිග වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Exit mobile version