සූඩානයේ සියලු පාසල් වැසෙයි

දකුණු සූඩානයට බලපෑ ඇති අධික උණුසුම නිසා එරට සියලුම පාසල් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

මෙම උණුසුම් තත්ත්වය ඉදිරි සති දෙකක් පුරා පවතිනු ඇති බවත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් දක්වා ඉහළ ගොස් ඇති බවටත් බලධාරීන් අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දරුවන් සියලු දෙනාම නිවෙස් තුළම තබා ගන්න ලෙස දකුණු සූඩාන අධ්‍යාපන අමාත්‍යංශය මව් පියන් වෙත දැනුම් දී තිබෙනවා.

මෙම උපදෙස් උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන පාසල් සතු ලියාපදිංචිය ද අවලංගු කරන බවට නිලධාරීන් පවසා තිබෙනවා.

Exit mobile version