ඊශ්‍රායලය තුළ අල් ජසීරා තනහම්

ඊශ්‍රායලය තුළ අල් ජසීරා නාලිකාවේ විකාශන කටයුතු අත්හිටුවීමට ක‍ටයුතු කරන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කර තිබෙනවා.

ඊට අවශ්‍ය නීති සම්මත කිරීම ද පසුගියදා එරට පාර්ලිමේන්තුවේ දී සිදු කෙරුණා.

ඊශ්‍රායලයේ මම තීරණයට එරෙහිව ලොව බලවත් රටවල විරෝධතාවය එල්ල වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන්නේ පසුගිය ඔක්තෝම්බර් 7 වනදා සිට ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ම්ලේච්ච ප්‍රහාර සම්බන්ධයෙන් අඛණ්ඩව තොරතුරු වාර්තා කරන නිසා අල් ජසීරා නාලිකාවේ කටයුතු අඩපන කිරීමට ඊශ්‍රායලය උත්සහ කරන බවයි.

කෙසේ නමුත් බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ අල් ජසීරා නාලිකාවේ කටයුතු ඊශ්‍රායලයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඇති වී ඇති බවටයි.

Exit mobile version