පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ මරුට

කන්දේ නුවර පොලිස් වසමේ හුනුගල ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා මාතලේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 35 ක් වූ හුනුගල, ඇල්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මරණකාරියගේ ස්වාමිපුරුෂා විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Exit mobile version