ටොනේඩෝ බිළිගත් ජීවිත

මධ්‍යම එක්සත් ජනපදයේ ප්‍රාන්තවලට බලපෑ ටොනෝඩෝවෙන් අවම වශයෙන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

ඊට මාස 4ක් වයසැති ළදරුවෙකුද ඇතුලත් බවයි වාර්තා වන්නේ.

තවත් 100 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

එසේම දහස් ගණනක් නිවැසියන්ට විදුලිය ද විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර චීනයේ ග්වාන්ඩොන් පළාතටත් ටොනෝඩෝවකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

ඉන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. එසේම කම්හල් ගොඩනැගිලි 141කට හානි සිදු වී තිබෙනවා.

Exit mobile version