දියේ ගිලී කාන්තාවක් මරුට

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න අලි ඔලුව හන්දිය අසල ඇලේ ගිලී කාන්තාවක් මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 83ක් වූ පරගහකැලේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මරණකාරිය දිය නෑම සඳහා ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට විමර්ශනයේදී අනාවරණය තිබෙනවා.

Exit mobile version