මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්නට ආසියානු සන්නිවේදන සම්මානයක්

ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය පිළිබදව හසළ දැනුමක් ඇති ධවල ශ්‍රී මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න මහතාට ආසියානු මාධ්‍ය තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සම්මානයක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

2016 වර්ෂය වෙනුවෙන් මෙම සම්මානය පිදෙන අතර අනිද්දා (27) පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වන එම මධ්‍යස්ථානයේ 25 වැනි වාර්ෂික සමුළුවේදී ඔහුට මෙම ආසියානු සන්නිවේදන සම්මානය හිමිවීමට නියමිතය.

Exit mobile version