උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (05) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම “වැඩි අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

Exit mobile version