රිය අනතුරකින් අවුරුදු 19ක තරුණයෙක් මරුට

පොතුහැර, බෙම්මුල්ලේ ගෙදර මාර්ගයේ 08 කණුව ආසන්නයේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගින්නේරිය පාලම තුලට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී පසුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 19ක් වූ වදාකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Exit mobile version