ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද (VIDEO)

ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට ලබන පාඩුව නිසා මෙරට සෑම පවුලකටම රුපියල් එක් ලක්ෂ හත්දහසකට ආසන්න මුදලක් දැරීමට සිදුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.

පාඩු ලබන තත්ත්වය තුළ 700 කට ආසන්න සේවක පිරිසක් බඳවා ගැනීම තුළින් එය තවදුරටත් වර්ධනය වී තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සේවකයින් ඉවත් වී යාම හේතුවෙන් මෙම බඳවා ගැනීම් සිදු කළ බවයි මීට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කලේ.

ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.

Exit mobile version