රිය අනතුරකින් තරුණයෙක් හා 10 හැවිරිදි දැරියක් මරුට

වාරියපොල, නරමාන ප්‍රදේශයේ ගමන් කල යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදි දෙකෙහි පැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකාරියන් දෙදෙනෙකු වාරියපොල රෝහලට ඇතුලත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එක් යතුරුපැදියක පැදිකරු සහ අනෙක් යතුරු පැදියේ ගමන් කළ දැරියක් මෙම අනතුරින් මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 31 ක් හා මියගිය දැරිය වයස අවුරුදු 10 ක් වූ නරමාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Exit mobile version